FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක පහක කොවිඩ් පොකුරු ඇති වීමේ අවදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල දිස්ත්‍රික්ක පහ තුළ කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානම් තත්ත්වයක් මතුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය මතුව ඇති බවත් මංගල උත්සව, පින්කම් ඇතුළු මහජන ඒකරාශි වීම් රැසක් එම දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මහජන ඒකරාශි වීම් හැකිතරම් මඟ හරින ලෙස කෙතරම් උපදෙස් ලබා දුන්නද බොහෝ දෙනා එම උපදෙස් නොතකා කටයුතු කරන බවක් පෙනී යන බවත් ඒ මහතා කීවේය.