FAST NEWS

24×7 Around the Globe

හෙට සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙතෙක් ආරම්භ වී නොමැති හයවන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු හෙට (22) සිට ඇරඹෙනවා.

එසේම මීට පෙර පළමුවන ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා මෙන්ම 10 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ශ්‍රේණි ද ආරම්භ කෙරුණා.

ඒ අනුව හෙට (22) සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇති.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.