FAST NEWS

24×7 Around the Globe

චීන පොහොර ලබා ගැනීමේ සූදානමක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රශ්නගත චීන පොහොර තොගය තුන්වන පාර්ශවයක් මඟින් යළි සාම්පල පරීක්ෂාවකට ලක් කිරීම නීති විරෝධී බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ කියා සිටියේ, එම පොහොර තොගය 03 වන පාර්ශවයක සාම්පල පරීක්ෂාවකට ලක් කර, ඉන් පසු ලබා ගැනීම සඳහා සූදානමක් නොමැති බවයි.