ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ජනමාධ්‍යකරුවන් දිරිමත් කිරීම සඳහා පැවැත්වීමට යෝජිත ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල තෝරාගත් කාණ්ඩ හයක් යටතේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මේ යටතේ රූපවාහිනී, ගුවන්විදුලි, මුද්‍රිත මාධ්‍යය, වෙබ් අඩවි, පාසල් මාධ්‍යය හා මාධ්‍ය පර්යේෂණ යන ක්ෂේත්‍ර හය ආවරණය කරමින් සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම 2021 වර්ෂයේ සිදු කළ නිර්මාණයන් සඳහා මෙලෙස සම්මාන පිරිනැමෙනු ඇති.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පවත්වන දිනය හෝ ඒ සම්බන්ධයෙන් අයදුම්පත් කැඳවීම් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ.

COMMENTS

Wordpress (0)