FAST NEWS

24×7 Around the Globe

දිවයින වටා තද සුළං අවදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින හරහා පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන් ම සබරගමුව, වයඹ, මධ්‍යම හා උතුරු යන පළාත්වලට වැසි ඇතිවිය හැකි බවයි ප්‍රකාශ කෙරුණේ.

බස්නාහිර පළාතේත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත්, උතුරු මැද පළාතේත් වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.