FAST NEWS

24×7 Around the Globe

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද රාත්‍රී 9 සිට හෙට උදෑසන 5 දක්වා පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාළිඟාකන්ද ජල ටැංකිය දක්වා ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලූත්වැඩියාවක් නිසා මෙම පියවර ගන්නා බව සඳහන්ය.

ඒ අනූව කොළඹ 1, 2, 3, 7, 8, 9, 10, 11, 12 සහ කොළඹ 13 යන ප්‍රදේශවලට ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ඇත.