FAST NEWS

24×7 Around the Globe

මුතුරාජවෙල ගැටලූව විසඳීමට කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුතුරාජවෙල තෙත් බිම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලූව සඳහා විසඳුම් සෙවීමට මැති ඇමතිවරුන් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

මහින්ද අමරවීර, සී.බී රත්නායක, නාලක ගොඩහේවා, නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නලීන් ප්‍රනාන්දු, ජයන්ත වීරසිංහ සහ වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් ඒ සඳහා පත්කර ඇති බවයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර තිබෙනවා.

මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් නිකුත් කල ගැසට් පත්‍රයේ හඳුනාගෙන ඇති ක්ෂේත්‍රවල අන්තර්ගතයට යම් වෙනසක් යෝජනා කිරීමට පෙර ඒවා සමාලෝචනය කිරීම මෙම කමිටුවේ ප්‍රමුඛ කාර්ය භාරයයි.