FAST NEWS

24×7 Around the Globe

අයහපත් කාලගුණයට ජීවිත 20ක් අහිමි වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 20ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 8.00ට නිකුත් කළ සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වෙයි.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 62,247කට බලපෑම් එල්ල වී තිබේ. පුර්ණ නිවාස හානි 18ක් වාර්තා වී තිබේ. දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 126කට වර්ෂාවෙන් බලපෑම් ඇතිව තිබේ.