FAST NEWS

24×7 Around the Globe

මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ ඔය ජලාශයේ ජල මට්ටම විශාල ලෙස ඉහළ යාම හමුවේ, අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.