වාහනවල දුම් පරීක්ෂාව නව ක්‍රමවේදයකට

වාහනවල දුම් පරීක්ෂාව නව ක්‍රමවේදයකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වාහනවල දුම් පරීක්ෂාව සඳහා නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මඩකලපුව – එරාවුර් ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්.