FAST NEWS

24×7 Around the Globe

කාබනික පොහොර එවූ චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර සැපයීමට කොන්ත්‍රාත්තුව හිමිකර ගත් චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා තිබේ.

ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත එම වන්දි ඉල්ලීමේ ලිපිය යවා ඇති බව වාර්තා වේ.

තමන්ට සිදු වූ අපකීර්තිය වෙනුවෙන් එම සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇති බව සඳහන් විය.

මේ අතර අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම නිසා ප්‍රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය රැගත් “HIPPO SPIRIT” නැමති නෞකාව මේ වනවිට කළුතර – බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වෙයි.