FAST NEWS

24×7 Around the Globe

පාසල්වල 10 – 13 දක්වා පන්ති හෙට ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව 10, 11, 12 සහ 13 වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙනු ඇති.

සෞඛ්‍ය නිර්දේශ අනුව දරුවන් පාසල් වෙත යොමු කිරීමට මව්පියන් වගබලා ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා.