FAST NEWS

24×7 Around the Globe

සපුගස්කන්ද කාන්තා මළ සිරුර හදුනා ගැනීමට, මහජනතාවගෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට යාබද මාර්ගයක් අසල තිබී සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා සහය වන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය දින කිහිපයේදී නිවසින් අතුරුදන්වූ හෝ තොරතුරක් නොමැති කාන්තාවනගේ ඥාතීන් සිටීනම් රාගම ශික්ෂණ රෝහල වෙත පැමිණ මෘත ශරිරය හදුනාගැනීමට සහය දෙන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.

සපුගස්කන්ද පොලිස් ස්ථානයෙන්ද මේ පිළිබද තොරතුරු විමසිය හැකි බවත් පොලිසිය දැනුම් දෙන්නේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට යාබද මාර්ගයක් අසල තිබී හමුවූ ගමන් බෑගයක දමා තිබූ කාන්තා මළ සිරුර මේවනවිට පෂ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

අදාල කාන්තාව වයස අවුරුදු 30ත් 40ත් අතර තැනැත්තියක් බවට අනුමාන කරන බවයි පොලිසිය සදහන් කළේ.