FAST NEWS

24×7 Around the Globe

වැලිගම හෝටලයක පිපිරීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැලිගම කප්පරතොට ඇවරියවත්ත පෙදෙසේ සංචාරක හෝටලයක අද අලුයම සිදුවූ පිපිරිම සම්බන්ධයෙන් අංශ කිහිපයකින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ රජයේ රස පරීක්ෂකවරයාද අදාළ ස්ථානයට පැමිණිමට නියමිත බවයි.

අද අලුයම 03 යි 45 ට පමණ හෝටලයේ මුලුතැන්ගෙයි මෙම පිපිරීම සිදුවී තිබුණා.

එහිදී හෝටලයේ හිමිකරු වන 35 හැවිරිදි අයෙකු / ඔහුගේ පුත්‍රයා වන 14 හැවිරිදි දරුවෙකු සහ අසල්වැසි නිවසක කාන්තාවක වන 31 හැවිරිදි අයෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කලා.

දකුණු පළාත් අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් සහ වැලිගම පොලිසියේ නිළධාරීන්ද මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.