FAST NEWS

24×7 Around the Globe

නැනෝ නයිට්‍රජන් දෙවන පොහොර තොගය අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර ලක්ෂ 24ට අදාළ 2 වන පොහොර තොගය අද ගුවන් මගින් මෙරටට ලැබීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා කියා සිටියේ, නැනෝ නයිට්‍රජන් පළමු පොහොර තොගයෙන් පොහොර හිමි නොවූ ගොවීන්ට මෙම පොහොර ලබා දෙන බවයි.

මීට පෙර මෙරටට ගෙන් වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගයේ පොහොර බෝතල් ගොවීන්ට බෙදා දීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළා.