FAST NEWS

24×7 Around the Globe

විදුලිය විසන්ධි කිරීමක් නෑ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරිමේ රජයේ තීරණයට එරෙහිව ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති අද දිනයේදී කොළඹ කේන්ද්‍ර කරගනිමින් විරෝධතා මාලාවක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයද අද දිනයේදී විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

කෙසේ නමුත් අද දිනයේදී තම වෘත්තීය සමිති විසින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවද රන්ජන් ජයලාල් මහතා අවධාරණය කළා.

එහෙත් පවතින කාළගුණ තත්වය මත අද දිනයේදී ප්‍රාදේශීය මට්ටමින් හෝ සමස්ථ දිවයින පුරා යම්කිසි විදුලිය බිදවැටීමක් සිදුවුවහොත් එය යථා තත්ත්වයට පත් කිරීමට පැය 24 ක් පමණ ගතවිය හැකි බවද ඔහු පවසනවා.

එසේ සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවයි රන්ජන් ජයලාල් මහතා අවධාරණය කරන්නේ.