FAST NEWS

24×7 Around the Globe

පාඨලීට එරෙහි නඩු විභාගය ලබන 30 දා සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2016 වසරේදී රාජගිරියේදී සිදුවූ රිය අනතුරට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුලු 03 දෙනෙකුට එරෙහි නඩු විභාගය ලබන 30 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද දින නියම කලා.

එම රිය අනතුරෙන් පසු අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුලු චෝදනාවලට අදාළවයි පාඨලී චම්පික රණවක මහතා, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කල දිලුම් තුසිත කුමාර සහ එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කල සුදත් අස්මඩල යන මහත්වරුන්ට එරෙහිව මෙම චෝදනා ගොණු කර ඇත්තේ.

පැමිණිල්ල අද කැඳවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදීයි.