FAST NEWS

24×7 Around the Globe

කාබනික පොහොර බෙදා හැරීම අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලූ දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීම අද සිට සිදු කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ, අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට කාබනික පොහොර බෙදා හැරිම පසුගිය 29 වනදායින් ආරම්භ කළ බවයි.

කේ.සී.එල්. දියර පොහොර සහ නැනෝ නයිට්‍රිජන් පොහොර මේ යටතේ ගොවීන්ට නොමිලේ බෙදා හරිනු ඇති.