FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (01) පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ, කැලණිය මුදුන්ගොඩ (නව නුවර පාර) මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙනි.

එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ සියඹලාපෙවත්ත බියගම, දෙල්ගොඩ, උඩුපිල – අකුරුමුල්ල, කෑරගල, දෙමළගම, කදුබොඩ, දෙකටන, පැළහැළ, ඉන්දොලමුල්ල, දොම්පේ, නාරංවල, වැලිවේරිය හා රතුපස්වල යන ප්‍රදේශවලටය.