FAST NEWS

24×7 Around the Globe

අඩුපීඩනයේ බලපෑමෙන් දිවයින පුරා තද වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ ඇතැම් ස්ථානවලට හෙට දිනයේදී මිලි මීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු ,උතුරු මැද , වයඹ , මධ්‍යම , සබරගමුව , ඌව සහ බස්නාහිර පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මේ ආකාරයට වැසි ඇති විය හැකි හැකියි.

දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාව ආශ්‍රිතව තවදුරටත් ස්ථානගතව පවතින බවද කාලගුණ නිවේදනයේ සදහන්.

උතුරු ,උතුරු මැද , වයඹ , නැගෙනහිර සහ ඌව පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.