FAST NEWS

24×7 Around the Globe

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීම සදහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සහ දුරකථන ඇමතුමකින් දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම සියලුම දිස්ත්‍රික් කාර්යාල සදහාද විවෘත කර තිබෙනවා.

පසුගිය කාලයේදී මෙම සේවාව විවෘතව තිබුණේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර ප්‍රධාන කාර්යාල දෙක සදහා පමණයි.

කෙසේ වෙතත් ඊයේ සිට මෙම ක්‍රමවේදය දිවයිනේ සියලුම දිස්ත්‍රික් කාර්යාල සදහාද විවෘත කළ බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් සදහන් කළේ.