FAST NEWS

24×7 Around the Globe

අදත් දිවයිනට වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය, අසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර, ශ්‍රී ලංකාවේ නැගැනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම පද්ධතියේ බලැපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවට යි එම නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි වැසි ඇති වෙනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදු වෙන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.