FAST NEWS

24×7 Around the Globe

කැලණි සරසවි කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත්වෙති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අද (28) අලුයම අපවත් වුහ.

අපවත්වන විට උන්වහන්සේ 84 වන වියේ පසුවිය.

මෑත කාලීනව බුද්ධ ධර්මය, පාලි සහ සංස්කෘත අධ්‍යාපනයට පුරෝගාමී වූ විද්‍යාලංකාර පිරිවෙන හෙවත් කැලණි සරසවිය භාරගත් 7 වැන්නා ලෙස එහිමියෝ දිගු කලක් කටයුතු කළහ.