ආණ්ඩු පක්ෂය අද රැස්වෙයි

ආණ්ඩු පක්ෂය අද රැස්වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී එම රැස්වීම පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු කියා සිටියේ.

අයවැය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව එම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.