FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට පත් පිරිස 81,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 81,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ඊයේ උදාසන 6 සිට අද උදාසන 6 දක්වා ගතවූ කාලය තුළදීත් තවත් පුද්ගලයින් 53 දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමගයි.

බස්නාහිර පළාතට ඇතුලූවන පුද්ගලයින් 1710 ක් හා වාහන 931 ක්ද පළාතෙන් පිටවන පුද්ගලයින් 1439 ක් හා වාහන 976 ක් ඊයේ පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණා.

මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති වීම හේතුවෙන් පුද්ගලයින් 415 ක් හා වාහන 208 ක්ද ආපසු හරවා යැවූ බවයි පොලිසිය නිවේදනය කළේ.