FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත මෙම ණය මුදල ලබා ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් හා ඉන්දීය බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරුන් අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ මසක ඉන්ධන වියදම ලෙස ඩොලර් මිලියන 350ක් පමණ වන අතර මෙම මුදලින් මාස එකහමාරකට පමණ ඉන්ධන මිලදී ගැනීමට හැකිය.