FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාලවල කඩඉම් ලකුණු ඉදිරි සති 02 ඇතුළත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු ඉදිරි සති 02 ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

මේ වනවිට එම කටයුතු අවසන් අදියරේ පවතින අතර මෙවර විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට අපේක්ෂිත ශිෂ්‍ය සංඛ්‍යාව 44,000 ක්.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් එක් ලක්ෂ 5000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ද කොමිසම කියා සිටියා.