FAST NEWS

24×7 Around the Globe

විශේෂ අවසරයක් යටතේ අන්තර් පළාත් බස්රථ සේවා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 21 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවත් නොකළහොත් විශේෂ අවසරයක් යටතේ අන්තර් පළාත් බස්රථ සේවාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

රැකියා සදහා ගමන් අවශ්‍යතා පවතින පිරිස් වෙනුවෙන් එලෙස බස්රථ සේවාව ආරම්භ කරන බවයි මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

ලබන 21 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවත් කළහොත් සාමාන්‍ය පරිදි අන්තර් පළාත් බස්රථ සේවාව සම්පූර්ණයෙන් සක්‍රිය කරන බවද දිලුම් අමුණුගම මහතා සදහන් කළා.