FAST NEWS

24×7 Around the Globe

උතුරු නැගෙනහිර ධීවරයන් මුහුදේ විරෝධතාවක

(ෆාස්ට් නිව්ස් |  මුලතිව්) – ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය බිම් ආක්‍රමණය කිරීම වැළැක්වීමට ප්‍රමාණවත් පියවර නොගන්නා බවට චෝදනා කරමින් උතුරු නැගෙනහිර ධීවරයන් අද (17) විරෝධතාවක නිරත වනවා.

මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදු තීරයේ කළුකොඩි වලින් සැරසූ බෝට්ටුවල නැගී විරෝධතා පුවරු ද රැගෙන ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

විශේෂයෙන් ඉන්දීය ධීවරයන් පතුල සහිත ටෝලර් යාත්‍රා මගින් මෙරට මුහුදු තීරයේ මසුන් මැරීමෙන් මෙරට මත්ස්‍ය සම්පත විනාශයට පත් වන බවට උතුරු නැගෙනහිර ධීවරයන් දිගින් දිගටම විරෝධතාව පළ කළා.