අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – වසරකට වැඩි කාලයක් දේශ සීමා වසා තැබීම අවසන් කරමින් අද සිට නැවතත් විදේශිකයන්ට රටට ඇතුලුවීමට ඉන්දියාව අවසර දී තිඛෙනවා.

කෙසේවෙතත් පළමු අධියරේදී පැමිණිමට අවසර ලැබී ඇත්තේ කුලී ගුවන් යානා මගින් ඉන්දියාවට පැමිණෙන පුද්ගලයන්ට පමණයි.

සාමාන්‍ය මගී ගුවන් යානා හරහා පැමිණෙන පුද්ගලයන්ට නොවැම්බර් 15 වනදා සිට රටට ඇතුලුවීම සඳහා අවසර දෙන බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ.

කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග පසුගිය වසරේ මාර්තු මාසයේදී ඉන්දීය රජය තීරණය කලේ සියලු විදේශිකයන්ට සංචාරක වීසා නිකුත් කිරීම අත්හිටුවීමටයි.

අද සිට නැවතත් සංචාරක වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමටද ඉන්දියාව තීරණය කර තිඛෙනවා.