FAST NEWS

24×7 Around the Globe

කැලණි පාලම හරහා ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවමකිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹට පැමිණෙන රියදුරන් සඳහා පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියදුරන් සඳහායි මෙම දැනුම්දීම සිදු කර තිබෙන්නේ.

නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කිරීමේ හැකියාව පවතින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.