FAST NEWS

24×7 Around the Globe

වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉවත්කර ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර ඇති අධිචෝදනා ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි හිටපු නාවික හමුදාපතිවරයා ගොනු කර ඇති පෙත්සම කැදවූ අවස්ථාවේදියි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මෙම දැනුම් දීම සිදු කළ අතර, නඩුව සෝභිත රාජකරුණා, ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවා.