FAST NEWS

24×7 Around the Globe

තවත් පුද්ගලයින් 85ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 80 560 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ උදාසන 6 සිට අද උදාසන 6 දක්වා ගතවූ කාලය තුළ තවත් පුද්ගලයින් 85 දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

බස්නාහිර පළාතට ඇතුලුවන පුද්ගලයින් 1446 ක් හා වාහන 818 ක්ද පළාතෙන් පිටවන පුද්ගලයින්926 ක් හා වාහන 549 ක් ඊයේ පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණා.

මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති වීම හේතුවෙන් පුද්ගලයින් 273 ක් හා වාහන 157 ක්ද ආපසු හරවා යැවූ බවයි පොලිසිය නිවේදනය කළේ.