FAST NEWS

24×7 Around the Globe

විස්සට වැඩි සියලූදෙනාට තුන්වන මාත්‍රාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයස අවුරුදු 20 ට වැඩි මෙරට සියලූදෙනාට 03 වන කොවිඩ් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5 ක් ඇණවුම් කිරීමට තීරණය කළ බවයි ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මෙම මාත්‍රා තොගය ඇණවුම් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළා.