FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.

මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජීවන් තයාගරාජා මහතා එම ධුරයෙන් ඉවත් වීමේ කොන්දේසි මත අදාළ පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුව ඇති බව සඳහන්ය.

ජිවන් ත්‍යාගරාජා මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් තමා මැතිවරණ කොමිසමේ සාමාජික ධුරයෙන් ඉවත් වී උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය භාරගැනිමට සූදානම් බවය.