FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ 2020 : ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය ලබන 25 වනදා බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් හා එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම භාවිත කර මෙම අයදුම්පත් යොමුකළ හැකි වනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර සඳහා විදුහල්පතිවරයාගේ නිර්දේශය හෝ අත්සන අවශ්‍ය නොවන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ