FAST NEWS

24×7 Around the Globe

පැන්ඩෝරා ගනුදෙනු : අල්ලස් කොමිසම විමර්ශන අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ විමර්ශන ආරම්භ කල බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

විශේෂ විමර්ශන කණ්ඩායමක් ඒ සඳහා පත්කර ඇති බවයි කොමිසම නිවේදනය කළේ.

එම විමර්ශන ආරම්භ කර ඇත්තේ වහාම විමර්ශනයක් සිදුකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ නියෝග කිරීමෙන් අනතුරුවයි.

මාසයක් ඇතුළත ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුණා.