සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සේවයෙන් ඉවත් වෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සේවයෙන් ඉවත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අරගල කරමින් දිනාගත් කොවිඩ් සහන දීමනාව ලබා නොදීමට රජය තීරණය කර ඇති බැවින් නැවත වරක් හෙට (08) දිනයේදී සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනූව හෙට දිනයේදී දිවයින පුරා රෝහල් මූලික කරගනිමින් දවස පුරා සේවයෙන් ඉවත් වී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ.

COMMENTS

Wordpress (0)