FAST NEWS

24×7 Around the Globe

වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට බරපතළ අනතුරු ඇඟවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්තනෝමතික ලෙස කටයුතු කරමින් දිගින් දිගට ම ජාතික සම්පත් විකිණීමෙහි ආණ්ඩුව නිරත වන්නේ නම් සියලු ක්‍රියාකාරී වෘත්තීය සමිති හා ඒකාබද්ධව දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට යාමට සූදානම් බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඔවුන් මේ බව සඳහන් කළේ, ඊයේ (ඔක්. 5) පේරාදෙණිය ගැටඹේ දී මහා සංඝරත්නය හමුවූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විදුලි බල මණ්ඩලය, වරාය, ඛනිජ තෙල් වැනි මරමස්ථාන වර්ජන ක්‍රියාමාර්ගයකට ගියහොත් එය ඔවුන්ගේ අවසන් ක්‍රියාමාර්ගය බවත් ඔවුන් එතනට තල්ලු නොකරන ලෙස සියල්ලන්ගෙන් ඉල්ලා සිටින බවත් එහිදී අදහස් දැක්වූ විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.