FAST NEWS

24×7 Around the Globe

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා නිවෙදනයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලු අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ​

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය, මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල ද සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකට සේවාවන් සපයන බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන්ට පමණක් තමන් පදිංචි ස්තානයට ආසන්න ම කාර්යාලයට පැමිණ තම සේවා අවශ්‍යතාවන් සපුරා ගන්නා ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීමකින් තොර ව සිය ප්‍රධාන කාර්‍යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයන්ට පැමිණෙන කිසිවකු කාර්යාල පරිශ්‍ර තුළට ඇතුළත් කර නො ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ ලින්කුව හරහා පිවිසෙන්න