FAST NEWS

24×7 Around the Globe

ළමුන්ට එන්නත ලබාදීම ගැන යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වයස අවුරුදු 15ත් 19ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම සතිය තුළ ජනාධිවතිවරයා උපදෙස් ලබාදෙනු ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එසේම දැනට දී තිබෙන උපදෙස් අනුව ඔක්තෝබර් 15 වනදා දක්වා ජනතාවට ඒකරාශී වන දෑ සඳහා අවස්ථාවක් ලබාදී නොමැති බවත් ඔක්තෝබර් 15 න් පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.