FAST NEWS

24×7 Around the Globe

“රිෂාඩ් සම්බන්දයෙන් රජුගේ අණ, ආණ්ඩුවේ අණ පිළිපදින්න අවශ්‍ය නැහැ” – ලක්ෂ්මන් කිරිඇල්ල

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්දයෙන්, පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (04) පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කතානායකතුමාගේ වගකීම යි. රජුගේ අණ, ආණ්ඩුවේ අණ පිළිපදින්න අවශ්‍ය නැහැ. වසර 20 ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයෙක් වන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා චෝදනා නැතුව රඳවාගෙන ඉන්නවා. එතුමා සම්බන්ධයෙන් ගන්නා පියවර පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න.”