FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්වයත් සමඟ දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (01) පස්වරු 06 සිට අද (02) පස්වරු 06 දක්වා කාලය සඳහා එම නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.