FAST NEWS

24×7 Around the Globe

කෝවිඩ් එන්නත් කාඩ් – නීතියක් තවම නෑ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයන් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතු බවට නීතියක් මෙතෙක් පනවා නොමැති බවත්, ඉදිරියේදී සුදුසු පරිදි පරික්ෂා කිරීම සිදුවිය හැකි බවත් යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ කෝවිඩ් මර්දන බළකායේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 72ක් පිරීම නිමිත්තෙන් යුද හමුදාවේ රෙජිමේන්තු24ක ධජ ඓතිහාසික ශ්‍රී දළදා මැදුරට ගෙනැවිත් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.