FAST NEWS

24×7 Around the Globe

ඔක්. 01 රට විවෘත කරන්න සැළසුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන පළමු වැනිදා අලූයම 04 ට රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතින බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

පොදු ප්‍රවාහනය ඇතුලු අංශ ඉලක්ක කර අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇති බවද යුධ හමුදාපතිවරයා සඳහන් කලා.

එමෙන්ම ජනතාවට අවශ්‍ය උපදෙස් මාලා සකස් කරන ලෙස සියලූ අමාත්‍යංශවලට උපදෙස්දී ඇතැයිද ඊයේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා කියා සිටියා.

කොවිඩ් මර්දන එන්නත ගෙන නොමැති පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථාන වෙත ඇතුලුවිය නොහැකි බවට කිසිදු උපදෙස් මාලාවක් නිකුත් කර නොමැති බවයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.