FAST NEWS

24×7 Around the Globe

අදත් පළාත් කිහිපයකට වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක අද (28) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද, වයඹ, දකුණ සහ බස්නාහිර පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පයට කිලෝ මීටර් (40-50) දක්වා වැඩි විය හැකි බව ද දැනුම් දෙනවා.