FAST NEWS

24×7 Around the Globe

සීමාවන්ට යටත්ව ලබන පළමු වනදා රට විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කර සීමාවන්ට යටත්ව ලබන මස (01) දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අද (25) එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ කොවිඩ් මර්දන එන්නත්කරණය මේ වන විට සාර්ථකව සිදුකරමින් පවතින බවත්, කොවිඩ් 19 වෛරසය මෙරට තුල පැතිර යාමේ අවදානම මේ වන විට පාලනය වී ඇති බවට සංඛ්‍යා ලේඛන වලින් අනාවරණය වන බවයි.