FAST NEWS

24×7 Around the Globe

චම්පික රණවක CID යට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යහපාලන ආණ්ඩුව සමයේ පැවැති මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ‘‘යකඩ මිනිසා’’ නමින් රුපියල් කෝටි පහළොවක් වැය කළ ව්‍යාපෘතියකදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එවකට එම අමාත්‍යාංශය භාරව සිටි ඇමැතිවරයා වන පාඨලී චම්පික රණවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (24 වැනිදා) කැඳවනු ලැබ ඇත.

ඒ අනුව ඔහු අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි ගියේය.

මෙම විමර්ශනවල අවසන් ප්‍රකාශය හිටපු ඇමැති චම්පික රණවකගෙන් ලබාගත් පසු නීතිපති උපදෙස් සඳහා යොමුකරන බව පොලිස් ආරංචි දන්වා ඇත.