FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන්තොටුපල නව PCR පරීක්ෂණාගාරය විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ ඉදි කල නව පී.සී.ආර් පරීක්ෂණාගාරය අද විවෘත කෙරුණා.

එළැඹෙන සෙනසුරාදා සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මෙම පරීක්ෂණාගාරයේ දී පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරෙනු ඇති.

පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 ක් බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමගින් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව සෘණාත්මක වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන කරා යා හැකි වනවා.

මෙම පරීක්ෂණාගාරය සංචාරකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සදහා ඩොලර් 40 ක මුදලක් අය කරනු ලබනවා.