FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන රීති කැඩූ 491ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායන නීතිරීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ රථ වාහන 55ක් ද පොලීසිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 76,636 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.